අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය

 

සම්ප්‍රදායිකව පිළිගැනීමේ ස්ථානය ලෙසින් හැඳින්වෙන අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය හෝටලයේ වඩාත්ම කැපී පෙනෙන අංශයයි. එය හෝටලය පිළිබඳව අමුත්තාගේ පළමු හැඟීම සඳහා බලපාන අතර අමුත්තන්ට උණුසුම් පිළිගැනීමක් සමඟ අමුත්තන්, හෝටලයට වටිනා බව දැනවීමට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනා වගබලාගත යුතුය. මීළඟ වතාවේ ඔබ හෝටලයකට ගිය විට, එහි කාර්ය මණ්ඩලය සැරසී සිටින අකාරයෙහි වෙනස්කම් සහ අමුත්තන් පිළිගැනීමේ කාර්යාල පරිශ්‍රයේ වන සිත් ඇඳගන්නා වාස්තු විද්‍යත්මක අංගයන් කෙරෙහි අවධානය යොමුකරන්න.

 

අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය අතිශය කාර්යබහුල ස්ථානයකි. අමුත්තන් පිළිගැනීමේ කාර්යාලයේ වැඩකරන අයට ඇති වගකීම් අතර; අමුත්තන් පිළිගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම, හෝටලය පිළිබඳ ධනාත්මක හැඟීමක් ලබා දීම හා ගැටළු විසඳීම ආදිය පමණක් නොව ස්විච් පුවරුව, ගිණුම්, මුදල් අයකැමි, රාත්‍රී විගණන සහ ආගන්තුක සබඳතා ඇතුළු බොහෝ කාර්යයන් ඇත.

No comments:

Post a Comment